ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමති අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් සිය වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා පැය හයක කාලයක් මෙම සාකච්ඡා පැවැතියත් එම සාකච්ඡා අසාර්ථක වී ඇත. අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එංජින් රියදුරන් වර්ජනයක නිරත වූ අතර ඒ සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකයන්ද සහාය දක්වා ඇත.