දුම්රිය වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්ට හා පොදු මහජනතාවට සිදුවන ගමනා ගමන අපහසුතාවය මගහැරවීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවත් අතිරික්ත බස් ගමන්වාර යෙදවීමටත් කටයුතු සූදානම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
එසේම වර්ජනයේ නිරත වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා අතර පැවැති සාකච්ඡාවේදී ලේකම්වරයා ඉල්ලා ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට හා පොදු මහජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා බලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසත් සාකච්ඡා තුළින් මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට මැදිහත්වන ලෙසත්ය.