ඉල්ලීම් තුනක් මුල්කර ගෙන හෙට (05දා) උදේ 08.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
අහෝසි කළ විශ්‍රාම වැටුප නැවත ලබාදීම, දුම්රිය ව්‍යාපෘති පෞද්ගලික ආයතනවලට ලබාදීම නවතා දැමීම හා සයිටම් ආයතනය වසා දැමීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම මෙම වර්ජනය සිදුකරන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා සඳහන් කළේය.