දුම්රිය රක්ෂිතවල ජීවත්වන ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රම දෙකක්
- 10 05 2018
- 17:01
- {{hitsCtrl.values.hits}} views
- . .
පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම මගින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට සැපයීමේදී මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම ප්රමුඛ කාර්යයක් ලෙස රජය හඳුනාගෙන තිබේ. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගනු ලබන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ තදාසන්න දුම්රිය ව්‍යෘපෘතිය (CSRP) යටතේ කොළඹ නගරය අනෙක් ප්‍රදේශ හා සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
01 දැනට පවතින දුම්රිය ප්‍ර‘වේශ පත්‍ර ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍ර‘වේශ පත්‍ර ආසන වෙන් කිරීමේ නවීන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
02 දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.
03 කොළඹ, මාලිගාවත්ත පාසල් පටුමග දුම්රිය මාර්ග පාලම පුළුල් කර නැවත ඉදිකිරීම.
04 කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය හා දුම්රිය මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීම.
05 නව තාක්ෂණය පද්ධති සහ ක්‍රමවේද ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය මාර්ග තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු සංවර්ධනය කිරීම.
06 රත්මලානේ දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා යන්ත්‍ර හා මැදිරි අලුත්වැඩියා කිරීමේ වැඩහලක් ලබාදීම.
07 දුම්රිය මාර්ග රක්ෂිතයන් තුළ ජීවත් වන පවුල් නතර වන පදිංචි කිරීම සඳහා නිවාස යෝජනා ක්‍රම 02ක් ඉදිකිරීම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


