හලාවත සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ උදෑසන 10,30 ට පමණ කට්ටුව දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් තිබු කුඩා මෝටර් රථයක් ගැටිමෙන් එහි ගමන් පාසැල් සිසුවියක් මියගොස් රථය පැදවු කාන්තාව හා තවත් දරුවන් දෙදෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ස්ථානයේ දුම්රිය ගේට්ටුවක් නොමැති බවත් විදුලි පහන් හා නලා හඬ පමණක් ඇති ස්ථානයක් බවත් දුරකතන ඇමතුමක් සමග පැමිණි කාන්තාව එක්වරම මෝටර් රථය දුම් රිය හරස් මාර්ගය හරහා ධාවනය විමේදි මෙම අනතුර සිදු වි ඇති බවත් පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ තිඹිරිගස්කට්ටුවේ පදිංචි මෙලිෂා ලැම්බට් නැමති 16 පාසැල් සිසුවියකි. මෝටර් රථය කට්ටුව ප්රදේශයේ සිට කොච්චිකඩේ දෙසසිසුවියන් තිදෙනාව අමතර පන්තියකට ගෙනයමින් තිබි ඇත. මීගමුව පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
නයිනමඩම චන්දන ප්රනාන්දු