දුම්රිය මාර්ග හා ස්ථානවලට තැනින් තැන කසළ දැම්මොත් දඩ
“ඩෙංගු වනසමු... රටම සැනසෙමු...“ යන තේමාව යටතේ රජය විසින් ආරම්භකර ඇති ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන351ක් අවට ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම අද (16දා) සිට ආරම්භ කළේය.
එහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දි අද පෙරවරුවේ සිදු කරන ලදි.
මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ඉටුකල යුතු අකාරය පිළිබඳව විශේෂ චක්‍ර ලේඛයක්ද මේ වන විට දුම්රිය සමාන්යධාරිකාරිවරයා විසින් සියළුම දුම්රි ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තෙව් සහ එම දුම්රිය ස්ථාන පවතින පළාත් පාලන අයතන ඒකාබද්ධව ශ්‍රමදාන අකාරයෙන් ශුද්ධ පවිත්‍ර කිරිමෙන් අනතුරුව මහජනතාව විසින් එම ස්ථාන නැවත අපිරිසිදු කිරිම පිළිබදව සෙයා බැලීමට විශේෂ වැඩ පිළිවෙලක්ද සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එමෙන්ම දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට කැලි කසල බැහැර කිරීම නිසා දුම්රිය මාර්ගත්.එම දෙපසත් දුම්රිය ස්ථානත් අපිරිසිදු වන බවත් මින් ඉදිරියට දුම්රිය මාර්ග වල හා දුම්රිය ස්ථාන වල තැන තැන කැලි කසල බැහැර කිරීම වරදක් සේ සලකන බවත් ඒ සඳහා මගීන් හටද දඩ මුදලක් පැනවීමටත් ක්‍රියා කල යුතු බවද අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේය .
කොටුව දුම්රිය ස්ථානයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

