අනතුරුදායක ලෙස අන්දමින් හා මගීන්ට හිරිහැර වන ආකාරයට දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමේ චෝදනාවට වරද පිළිගත් දුම්රිය මගියෙකුට ගාල්ල අතිරේක මහේස්ත්රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය රුපියල් දෙදහස් පන්සිය විස්සක දඩයක් නියම කළාය.
රාජිත එරංග නැමැත්තෙකුට මෙසේ දඩ නියම කෙරුණි.
සැකකරු මරදාන සිට මාතර බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ මගීන්ට හිරිහැර වන ආකාරයට අනතුරුදායක ලෙස පාපුවරුවේ ගමන් කිරීමේ චෝදනාව යටතේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
දුම්රිය ආරක්ෂක හමුදාවේ ගාල්ල ස්ථානභාර නිලධාරී ලෙස්ලි ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.