හෙට පෙ.ව. 8.00 සිට අනිද්දි පෙ.ව. 8.00 දක්වා එක් දිනයක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියාමක සංගමය සඳහන් කරයි.
එහි ලේකම් පී.එම්. පීරිස් මහතා සඳහන් කළේ ගැටලු තුනක් මුල් කරගනිමින් විරෝධතාව පවත්වන බවයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, පූර්ණ විශ්‍රාමවැටුප් ලබාදීම හා ඉට්කා අවලංගු කිරීම එම ඉල්ලීම් තුන බවද ලේකම්වරයා සඳහන් කළේය.