බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකරන බඳවා ගැනීම නවතා දමන ලෙස ඉල්ලා ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙන දුම්රිය වැඩවර්ජනය ගැටලුව සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් ක්‍රියාත්මක කරන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් සාකච්ඡාවක් ලබාදී නොමැති බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
සිදුකරන වර්ජනය හේතුවෙන් ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය වීමට තිබූ දුම්රිය ගමන් වාරවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාලවලට පැමිණෙන සේවක සේවිකාවන් ඇතුළු මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
අදාළ ගැටලුව පිළිබඳ අද (07දා) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශය හා වෘත්තීය සමිති අතර සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.