වසරේ ආරම්භක දින 36 ඇතුළත දුම්රිය අනතුරු නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව 35ක් බව මාර්ග අරක්ෂක පිළිබඳව ජාතික සභාව පවසයි.
දුම්රිය හරස් මග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්ථිත පුවරු සවිකිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් එම සභාව මේ බව සඳහන් කරයි.
මීට අමතරව 2017 වසරේදී පමණක් දුම්රියේ හා දුම්රිය මගෙහි සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් අහිමිවී ඇති ජීවිත සංඛ්‍යාව 24ක් බවද එම සභාව පවසයි.