තෘතීක මට්ටමට පත්කර වැටුප් ඉහළ දමන බවට ලබාදුන් පොරොන්දුව ඉටුනොකරන බැවින් අද (07දා) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සන්ධානය සඳහන් කරයි.
මේ අනුව අද රාත්‍රී 12.00 සිට දුම්රිය පාලකවරුන්, දුම්රිය නියාමකවරුන් ඇතුළු අධීක්ෂණ නිලධාරීන් සේවයෙන් ඉවත් වන බවද එම සංවිධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
වැටුප් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සතියක් තුළ ඉදිරිපත් කරන බවට නොවැම්බර් 08 වැනිදා පොරොන්දු වූ බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව වෙනත් ගැටලුවක් මූල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරෝද සේවයෙන් ඉවත්ව සිටිති.