(UPDATE) ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් දුම්රිය එංජින් රියඳුරන්ගේ සංගමය හෙට (23දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නවතා දමා තිබේ. සියල ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එකඟවීම හේතුවෙන් ඔවුන් මෙසේ වර්ජනය තාවකාලිකව නවතා දමා තිබේ.
දුම්රිය රියදුරන් බඳවා ගැනීමේදී එය විධිමත් ආකාරයට සිදු නොකිරීමට විරෝධය පළ කරමින් හෙට (23දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු විසඳා නිසි පරිදි බඳවා ගැනීම් සිදුකරන බවට පොරොන්දු වුවත් එම පොරොන්දු කඩ කරමින් බඳවා ගැනීම් සිදුකරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.