කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදී කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියට (දුම්රිය අංකය 1039) ගල් ප්රහාරයක් සිදුකළ තරුණයන් සිවුදෙනෙකු ඊයේ (14දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, බලන ප්රදේශයේ තරුණයන් දෙදෙනෙකු හා අනුරාධපුරයේ සිට බලන ප්රදේශයේ ඥාති නිවසකට පැමිණි වයස 18 හා 19 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකුද වන බව පොලීසිය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සමාප්ති උත්සවයට ඊයේ සහභාගි වූ දෙස්විදෙස් සම්භාවනීය අමුත්තන් පිරිස නැවත මහනුවර සිට කොළඹ බලා රාත්රී 10.00ට පමණ ගමන් කිරීමට ඇති දුම්රියට පහරදීම සඳහා මෙම තරුණයන් පිරිස මග රැකසිට ඇති අතර, රාත්රී 8.58ට පමණ කොළඹ සිට පැමිණි දුම්රියටද ගල්වලින් පහරදී ඇතැයි පොලිස් විමර්ශනවලින් හෙළිව තිබේ.
මෙම ප්රහාරයෙන් දුම්රිය ආරක්ෂක මැදිරියේ වීදුරුවකට අලාබ හානි සිදුව ඇති අතර, මේ දක්වා අලාබය තක්සේරු කර නැති බවද පොලීසිය පවසයි.
සැකකරුවන් අද (15දා) මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.