දුගී දුප්පතුන් නඟා සිටුවීම තම අපේක්ෂාව වන බව අද (07දා) අභිනවයෙන් වැඩ බාරගත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පවතින වැඩකටයුතු අමාත්‍යවරයෙකු නොමැතිව වුවද සිදුකළ හැකි නමුත් පවතින ප්‍රශ්න හා ගැටලු විසඳාගෙන වෙනසක් ඇතිකළ හැකි අයෙකු අවශ්‍ය බැවින් තමා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කරන්නට ඇති බව හෙතෙම පැවසුවේය.
තමාගේ අමාත්‍යාංශය තුළින් දුගී දුප්පතුන් නඟාසිටුවීමටත්, රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම අවස්ථාව සඳහා හිටපු ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා පක්ෂ ආධාරකරුවන් රැසක් සහභාගී වී සිටියහ.








ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ