දුටුගැමුණු රජුගේ කඩොල් අතුගේ දළ ප්‍රදර්ශනය 7-29 දා
රුහුණු කතරගම මහා දේවාලයේ 2017 වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ මුල්ම චාරිත්‍රය වන කප්සිටු වීමේ චාරිත්‍රය 2017.06.10 වන දිනත් එදින සිට දින 45 ගෙවී ගිය තැනදි එනම් 201.07.24 වන දින රාත්‍රියේ දි ප්‍රථම මංගල පෙරහැර විදි සංචාරය කිරිමට නියමිතය.
2017.07.29 පෙරහැරේ තවත් පෞරාණික චාරිත්‍ර රැසක් සිදුවන අතර එදින කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා පෙරහැරේ ගමන් කිරිම, රුහුණු කතරගම මහා දෙවොල ඉදිරි පිට ඇති ආතු පන්දලමේ අතු ඉවත් කිරිම හා අතු අලුතින් සෙවිලි කිරිම, දුටුගැමුණු රජතුමාගේ මංගල හස්ති රාජයා වන කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කිරිම, බස්නායක නිළමේ වරයාගේ නිළ නිවස වන වලව්වේදි දහවල් මහා සංඝරත්නයට දන් පිළිගැන්වීම සිදුවේ.
2017.08.04 වන දින ගිනි පැගිමේ චාරිත්‍රය සිදුවන අතර 2017.08.07 වන දින රාත්රියේදී අවසාන රන්දොලි පෙරහැර වීදි සංචාරය කිරිමට නියමිතය. 2017.08.08 වන දින මැණික් ගඟේ ජිවමාලි තොටුපොළේදී දිය කැපිමෙන් 2017 ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවීමට නියමිතය.
කතරගම ආරියපාල රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
