එල්. ටී. ටී. ඊ. සංවිධානය ක්රියාකාරීව පැවැති සමයේ ප්රබල එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මුණියාන්ඩිරාජා රංජන් නොහොත් දීපන් නමැත්තාගේ කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ නිවසේ ඉදිරිපස වළ දමා තිබූ බෝම්බ සොයන උපකරණයක් හා ආයුධ තොගයක් ඊයේ (23දා) සොයාගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.
ගුවන් හමුදාවට ලද තොරතුරක් මත කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ සිදුකළ කැණීමකදී මෙම ආයුධ තොගය හමු වී තිබේ.
මෙහිදී නිවස ඉදිරිපස අඩි හයක් පමණ ගැඹුරින් සකස් කළ වළක සඟවා තිබූ පෙට්ටියත තිබී අදාළ ආයුධ සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.
ගුවන් හමුදා නිළධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්රීය අංශ නිලධාරීන් හා ධර්මපුරම් පොලිස් නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.
මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය හා මුල්ලිවයික්කාල් ප්රදේශයේ එල්. ටී. ටී. සංවිධානය වළ දැමූ රත්රන් හා ආයුධ පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැණීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොතිබුණි.
සොයාගත් උපකරණ කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වවුනියාව මාධව කුලසූරිය