හදිසි ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරීමටත්, එය ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව හදිසි තත්ත්වයකදී කාර්යක්ෂමව සහ ස්වාධීනව අවශ්‍ය කාර්යයන් ඉටුකිරීමට අවශ්‍ය වියදම් දැරීමටද දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය ලැබේ. අද(12දා) පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේබව පැවසීය