දිවයින පුරා රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබාගැනිමට කටයුතු කරන බව පොලීසිය කියයි. මෙහි ආරම්භක අදියර ඊයේ (04දා) කොළඹදී ක්රියාත්මක කළ අතර එහිදී රථ වාහන නඩු 79ක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. එහිදි වැඩිම නඩු ප්රමාණයක් ලබාගෙන ඇත්තේ තීරු මාරු කරමින් අවහිර කිරීම යන චෝදනාව යටතේය. ආරම්භයක් ලෙස කොළඹ නගරයේ ක්රියාත්මක කළ මෙම මෙහෙයුම් ඉදිරියේදී දිවයින පුරාම ක්රියාත්ම කිරීමට නියමිතය.