මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් ඈතට යමින් පවතින අතර මේ හේතුවෙන් දිවයිනේ අහස වලාකුළින් වැසි සහ සුළං තත්ත්වයන් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29දා) සඳහන් කරයි.
මේ හේතුව නිසා දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන සුළඟ පැ.කි.මී.80 දක්වා ඉහළ යාහැකි අතර මි.මී. 100ක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලද විටින් විට තද වැසි ඇති විය හැක.
මීට අමතරව උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් වැසි ඇති වියහැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.