බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලට අද (15දා) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව සෙසු පළාත්වල තැනින් තැන සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මේ අතර දිවයින හරහා විටින් විට සුළඟ (පැ.කි.මී. 50දක්වා) ඉහල යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් වැසි සමඟ අකුණු සමඟ තද සුළං ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.