මුළු දිවයිනම ආවරණය වන පරිදි අද (12දා) අලුයම විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ නියෝග මත මෙම මෙහෙයුම දියත් කර තිබේ.
පොලිස් නිලධාරීන් 14000කට අධික පිරිසක් මෙම මෙහෙයුමට සහභාගීවූ අතර එහිදී වරෙන්තුකරුවන්, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන්, නීතිවිරෝධී ගිනි අවි අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය පවසයි.