පසුගියදා මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට අදාළව ත්රස්ත විමර්ශන අංශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගමගේ දුරකථනය යළි ඔහුට ලබාදෙන්නැයි තෙල්දෙණිය මහේස්ත්රාත්වරයා අද (22දා) නියෝග කර තිබේ.
මෝසමක් මාර්ගයෙන් මන්ත්ත්රීවරයා කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්රාත්වරයා එම ජංගම දුරකථනය ඔහුට ලබාදෙන ලෙස නියෝග කර ඇත.
මහනුවර සිදුවීමට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා දිලුම් අමුණුගම මන්ත්රීවරයා 15 වැනිදා ත්රස්ත විමර්ශන අංශයට පැමිණි අතර එම අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගැනුණි.