දිල්ලි මැතිවරණයෙන් මෝදිට බලවත් පසුබෑමක්
ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂය හෙවත් ආම් අදාමි පක්ෂය දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය අතුගා දැමීමට සමත්ව ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි වෙත බලවත් පසුබැස්මක් ලබාදෙමිනි.
ආම් අදාමි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අර්වින්ද් කෙජ්රිවාල් ආසන 70කින් ආසන 67ක් දිනමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.
කෙසේ වෙතත්, පරාජයන් පසුව ආම් පක්ෂ නායකයා වෙත සුබ පැතීමට මෝදි අමතක කර නොමැත. නමුදු 2014 මහ මැතිවරණයෙන් පසුව මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලූ දිල්ලි මැතිවරණයේදී ලැබූ මේ දැවැන්ත පරාජය කිසි ලෙසකින්මත් නොසලකා හැරිය නොහැකි එක්ක බව දේශපාලන විචාරකයෝ පවසති.
මීට පෙරද දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කළ අර්වින්ද් දූෂණ විරෝධී පනත සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් සිය ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. නමුත්, ඔහු මෙවර පෙරටත් වඩා සිය ජනප්‍රියත්වය වැඩි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

