දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදි පරදින ලකුණු
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශක්තිය උරගා බැලෙන පළාත් මැතිවරණයක් ලෙස සැලකෙන දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය දූෂණ විරෝධී පක්ෂයක් වන ආම් අදාම් පක්ෂය හෙවත් පොදු මිනිසාගේ පක්ෂයේ නායක අර්වින්ද් කෙජ්රිවාල් මෙවර මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරනු ඇති බවට පූර්ව මැතිවරණ සමීක්ෂණ මත පළ කිරීම තුළ මෝදිගේ පක්ෂය මෙම මැතිවරණයෙන් පරාජය වනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මීට පෙර පැවති දිල්ලි මැතිවරණයෙන්ද අරවින්ද් කේජ්රිවාල් ජය ගත් නමුත් බලයට පත් වී දින 49කට පසු ඉල්ලා අස්වූයේ දූෂණ පිටුදැකීමට තමන් වෙත සහාය සෙසු පක්ෂවල සහාය නොලැබීම හේතුවෙනි.
කෙසේ වෙතත්, දිල්ලි ඡන්ද දායකයන්ද දූෂණ පිටුදැකීම පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම තුළ මෝදි ඉදිරිපත් කළ කිරාන් බේඩි හෙවත් එරට ප්‍රථම පොලිස් කාන්තාවට කෙජ්රිවාල් සමග තියුණු තරගයකට යෑමට සිදුවනු ඇති බව මැතිවරණ විශ්ලේෂකයෝ පවසති.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට හැට ඉක්මවා ඇති බවට තක්සේරු කර ඇති අතර අඟහරුවාදා වනවිට නිල ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

