දිරාපත් නොවන ලන්ෂීට්, පොලිතීන් ඇතුලු ඒ ආශ්රිත නිෂ්පාදන භාවිතය අද (01දා) සිට තහනම් වෙයි.
රජය විසින් ගත් ප්රතිපත්තිමය තීරණයක් මත මෙම තහනම ක්රියාත්මක වෙයි.
පසුගිය සැප්තැම්බර් මස පළමුවැනිදා සිට මෙම තහනම ක්රියාත්මක වීමට නියමිතව තිබුණත් පසුව රජය ඒ සඳහා සහන කාලයක් ලබාදුන්නේය.
දිරාපත් නොවන පොලිතීන් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ද සිදු කිරීමට නියමිතය..
ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයක සැරසිලි කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද මෙහිදි තහනම් වෙනු ඇත.