දිනකදී අධිවේගයෙන් වාර්තාගත ආදායමක්
දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කළ පසු එක් දිනක් තුළ වාර්තා කළ වැඩිම ආදායම සෙනසුරාදා (24දා) මධ්‍යම රාත්‍රි‘යෙන් අවසන් වූ පැය 24 තුළ වාර්තාකර තිබේ. 23 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 සිට 24 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වාහන 61,874ක් ධාවනයකර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා අධීක්ෂණ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
එම කාලය තුළදී රුපියල් මිලියන 18.85ක වාර්තාගත ආදායමක් උපයාගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය. උත්සව සමය නිමිති කරගෙන වැඩි වැඩියෙන් අධිවේගී මාර්ගය භාවිතා කිරීමට රියදුරන් කටයුතු කරන නිසා සෑමවිටම තමන්ට අයත් මංතීරු භාවිත කරන ලෙසට අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව වාහන දෙපස නවතා තැබීම හරහා අනවශ්‍ය මාර්ග තදබදයක් සහ රිය අනතුරු ඇතිවිය හැකි බැවින් දෙපස වාහන නවතා තැබීමෙන් වැළකී සිටිය යුතු බවද පවසා සිටියේය. බීමත්ව රිය පැදවීමෙන් වැළකී සිටින ලෙසත්, සෑමවිටම වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
අධික ලෙස වාහන ගමන් කිරීම හරහා පිටවීමේ දොරටු අසල සහ පැමිණීමේ දොරටු අසල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා අතිරේක දොරටු විවෘත කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය 2011 නොවැම්බර් 27 වැනිදා ජනතා අයිතියට පවරා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
