දිගම්බරම් - තොන්ඩමන් ගැටෙති
තමන් නොර්වුඩ් ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවීමට යන අවස්ථාවේ කඳුරට නව ගම්මාන, වතු, යටිතල පහසුකම් අමාත්‍ය පලනි දගම්බරම් මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් නොර්වුඩ් නගරයේදී තමන් ගමන්ගත් රථය හරස් කර, පහරදී තැත්කර මරණ තර්ජන එල්ල කළ බව පවසමින් ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
එම පිරිස පෙරේදා (07දා) රාත්‍රියේ තම ආධාරකරුවන් පැමිණි එක් වාහනයකට පහරදී අලාභ හානි සිදුකළ බවද සෙන්දිල් තොන්ඩමන් මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසා සිටියේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර සිං මෝදි මහතා වතුකරයේ ජනතාව ඇමතීම සඳහා නොර්වුඩ් ක්‍රීඩාංගණයට පැමිණීමේ උත්සවය තම අමාත්‍යාංශයෙන් සංවිධානය කරන බවත්, එය කඩාකප්පල් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමන් ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවත්ය.
තමන් කිසිසේත්ම සෙන්දිල් තොන්ඩමන් මහතා සමග ගැටුමක් ඇතිකර ගැනීමට කටයුතු නොකළ බවද අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා විසින් ඉන්දීය ආධාර යටතේ දික්ඔය මූලික රෝහලේ ඉදිකළ නව වාට්ටු සංකීර්ණය මේ මස 12 වැනිදා විවෘත කිරීමට නියමිත අතර, එදින නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී වතුකරයේ ජනතාව ඇමතීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
