ඉස්ලාම් රාජය ත්රස්තවාදීන් ඉල්ලක්ක කර ගනිමින් පරමානු බෝම්බයක් නොවන ලෝකයේ දැවැන්තම බෝම්බය ඇමෙරිකාව විසින් ඊයේ (13දා) ඇෆ්ගනිස්ථානයට හෙළ තිබේ. ඉස්ලාම් ත්‍රස්තාවාදීන් ඉල්ලක කරගෙන ඔවුන් රැදී සිට බව කියන ගුහාවකට මෙයින් ප්‍රහාර එල්ල කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර අචින් දිස්ත්‍රික්කයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් මෙම බෝම්බය ‘සියලු බෝම්බයන්හි අම්මා’ යන නාමයෙන්ද විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබුණි.
ප්‍රහාරයෙන් ත්රස්තවාදීන් 36කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත් ඔවුන්ගේ කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති බවත් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශය කියයි.
බෝම්බය කිලෝ 9800ක් බරවෙයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට හානියක් සිදුව නොමැත.