නව තාක්ෂණය හරහා පන්ති කාමරයෙන් පිටතදීද දැනුම ගවේෂණය කරන දරුවා වර්තමානයේදී ගුරුවරයාට අභියෝගයක්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අද (07දා) පෙරවරුවේ පැවැති බස්නාහිර පළාත් ගුරුවරුන් 500 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීමේ උත්සවයට එක් වෙමිනි.
ඒ අනුව, නව තාක්ෂණික දැනුම ගවේෂණය කරනු ලබන ශිෂ්‍යයාගේ අභියෝගයට මුහුණ දීම සඳහා ගුරුවරුන් නිරන්තරයෙන් කැපවිය යුතු බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ