වර්තමානයේ තිබෙන්නේ බොයිලර් ආණ්ඩුවක් බවත්, ඉදිරි මහ මැතිවරණයේදී ස්ථිර වශයෙන්ම බලයට එන බවත් හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අඟුණකොළපෑලැස්ස, අළුත්වැව පුරාණ රජමහා විහාරයේ ඉදිකළ සංඝමිත්තා මෙහෙනින් වහන්සේගේ ගේ පිළිරුව විවෘත කිරීමට ඊයේ (08දා) පැවති උත්සවයකදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"දැන් තියෙන්නේ බොයිලර් ආණ්ඩුවක්. බොයිලර් කුකුළගෙ වයසයි මේ ආණ්ඩුවෙ වයසයි එක සමානයි. හැබැයිඅපිට පුළුවන් එක පැයෙන් මේ ආණ්ඩුව ගෙදර යවන්න.ලෝකෙ පුදුම ආණ්ඩුවක් දැන් මේ රටේ තියෙන්නෙ.මන්ත්‍රීවරු හතලිස් ගාණක් ඉන්න පක්ෂයක් ආණ්ඩු පක්ෂයට ඇවිල්ල. මන්ත්‍රීවරු එකසිය තිස් ගණනක් ඉන්න පක්ෂයක් විපක්ෂයට ගිහිල්ල.
ලබන මහ මැතිවරණයේදී ස්ථිර වශයෙන් අපිට නැවත බලයට එනවා. ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණය මෙහෙයවනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් හිටපු අගමැතිවරුන් දෙපලත් අපිට සහාය දෙනවා. අපිට ගිය මැතිවරණයේදී නොලැබුණු ඡන්ද විශාල ප්‍රමාණයක් මේ මහ මැතිවරණයේදී අපිට ලැබෙනවා. ද්‍රවිඩ සන්ධානය වෙනම ඉල්ලනවා. ජ.වි.පෙ. වෙනම තරග කරනවා. හෙළ උරුමය අපිට එකතු වෙනවා. එතකොට ඡන්ද 29ක් පැරදුන් නායෙකයෙකුට අපිත් එක්ක තරග කරල දිනන්න පුළුවන්ද?" යැයි පැවැසීය.
රාහුල් සමන්ත