කොළඹ නගරයේ ඇති නීති විරෝධී මැතිවරණ ප්රචාරක දැන්වීම් ඉවත් නොකරන්නේ නම් කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු පවරන බව සඳහන් කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුස්සම්මිල් මහතාට එන්තරාවාසියක් යොමු කර තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයාද කොළඹ පුරපතිට නියෝගයක් මගින් නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක පුවරු ඉවත්කරන ලෙස දැනුම් දී තිබුණත් මේ දක්වා කොළඹ නගර සභාව ඒ පිළිබදව පියවරක් ගෙන නැති බව කැෆේ සංවිධානය කියයි.
කොළඹ මහ නරග සභා සීමාව තුළ මේ වන විට නීති විරෝධී මැතිවරණ පුවරු 2400 ක් පමණ පවතින බව කැෆේ සංවිධානය වැඩි දුරටත් කියයි.