වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23දා) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.
මේ සඳහා අවශ්‍ය අයදුම්පත් www.immigration.gov.lkවෙතින් හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශයෙන් ලබාගත හැකිය. මෙහිදී ප්‍රධාන ආයදුම්කරුට රුපියල් 250,000 ක්, කලත්‍රයාට රුපියල් 50,000 ක් සහ වයස අවුරුදු 22 ට අඩු අවිවාහක එක් දරුවෙකුට රුපියල් 50,000 ක මුදලක් ගෙවීමෙන් සහ ආගමන විගමනපනතේ සඳහන් කොන්දේසිවලට යටත්ව පුරවැසිභාවය ලබාදීමට සැලසුම්කර තිබේ.