ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දළ යුගළ කපාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගතව සිටින ප්රධාන සැකකාර ග්රාම නිලධාරිවරයා ඇතුළු සැකකරුවන් දසදෙනා ලබන ජනවාරි 9දා නැවත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්රාත් රසික මල්ලවආරච්චි මහතා අද (26දා) නියෝග කළේය.
හේරතගම ග්රාම නිලධාරි වසමේ සේවය කරමින් සිටි අසංක සෙනරත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් දස දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරුවන් මහව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරිසරවේදීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් සමග සැකකරුවන්ගේ ඥාතීහු ඇතුළු විශාල පිරිසක් අධිකරණය භූමියට පැමිණ සිටියහ.