වෙඩි තබා ඝාතනය කළ දළ පූට්ටුවාගේ දළවලින් සැකසූ බවට සැකකරන පෙන්ඩන් දෙකක් හා සුරයක් සන්තකයේ තබා ගෙන සිටි ග්රාම නිලධාරිවරුන් දෙදෙනෙකු ඊයේ (02දා) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය කොට්ඨාස බුද්ධි ඒකකය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ, පොල්පිතිගම ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 338 දොරවෙල්ල සහ අංක 394 මකුල්පොත ග්රාම නිලධාරි වසම්වල සේවය නියුතු ග්රාම නිලධාරීන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී ඇත් දළවලින් සැකසූ පෙන්ඩන් දෙකක් සමග ඇත් දළ යොදා සකස් කළ සුරයක් තිබූ බව වැටලීම් සිදුකළ බුද්ධි ඒකක නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගැනුන සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා පොල්පිතිගම පොලීසියට භාරදී තිබුණි.
දළ පූට්ටුවා වෙඩි තබා මරා දමා ඇත් දළ ලබාගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ලෙස දැනට හඳුනාගෙන ඇති හේරත්ගම ග්රාම නිලධාරිවරයාගෙන් මෙම ඇත් දළවලින් සැකසූ සුර සහ පෙන්ඩන් මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර, මිලදී ගත්තේ කුමන මිලකට දැයි ප්රශ්න කිරීමේදී පාපෝච්චාරණය කර නොමැති බවද වාර්තාවෙයි.