ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14දා) මාලිගා පරිශ්‍රයේදි සිදු කෙරිණි00.
අද දින සිට මාලිගාවට ගෙන එන පලාස්ටික් මල් වට්ටි වෙනුවට මාලිගා පරිශ්‍රයට ඇතුළු වීමේදි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල්වට්ටියක් ලබා දිම සිදු කෙරේ. දළදා මාලිගාව තුළ ඇති කසළ දමන බදුන් සියල්ලම දේශිය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබිම විශේෂයකි.
දිනකට අපද්‍රව්‍ය ටොන් 3 ක් පමණ දළදා මාලිගා වේ අපද්‍රව්‍ය එක්වෙන බවත් දළාදා මාලිගා පරිශ්‍රය තුළට අද සිට පොලිතීන් ප්ලාස්ටික ගෙන ඒම තහනම් බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසිය.
මෙම වැඩසටහනේ නිර්මාත්රෘ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වන අතර හරිත භුමි වැඩසටහන දිවයිනේ සියලුම සමස්ත ආගමික සිද්ධස්ථාන සියල්ල ආවරණය වන ආකාරයෙන් සිදු කිරිමට බලාපොරොත්තු වන බව පැවැසීය.
