මේ වසර තුළදී පළමු ශ්‍රේණියට සහ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමට නොහැකිව දරුවන් දසදහසකට අධික පිරිසක් නිවෙස්වලට වී කාලය ගතකරන බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
මෙලෙස පාසල් අහිමි වී තිබෙන්නේ 2015 වසර වෙනුවෙන් පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සිටින දරුවන්, පළමු ශ්රේ‘ණියට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර තිබෙන දරුවන් සහ පහ වසරට පමණක් පන්ති පැවැත්වෙන පාසල්වලින් හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අයදුම් කර තිබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කළේය.
පළමු ශ්‍රේණියට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කිරීමේදී ඇති වී තිබෙන ගැටුම්වලට අභියාචනා ඉදිරිපත් කර තිබෙන සියලු දෙනාගේ අභියාචනා ගැටලු විසඳා ජනවාරි මාසය තුළදීම දරුවන් පාසල්වලට ඇතුළත් කරගත යුතු වුවද, එයද ඉටු වී නැතැයි ඔහු කියා සිටියේය.
මීට අමතරව ප්‍රාථමික පන්ති පමණක් පැවැත්වෙන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අයදුම්පත් යොමුකළ විට ජනවාරි 20 වැනිදා වනවිට එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල්වලට ඇතුළත් කරගත යුතුව ඇති බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මෙම ක්‍රම‘වේදය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා පාසල් දරවන් දසදහසකට අධික පිරිසකට තවමත් පාසල් ලැබී නොමැති බවත්, මේ නිසා එම දරුවන්ට මේ වසරේ පළමු පාසල් වාරය තුළ අධ්‍යාපන කටයුතු අහිමි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.