ලෝක ළමා වැඩිහිටි දිනය සැමරීමේදී දරුවන්ගේ සුරක්ෂිත බව පිළිබඳව මෙන්ම වියපත් වැඩිහිටියන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් ද වඩ වඩාත් අවධානය යොමු කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හෙටට (01දාට) යෙදෙන ලෝක ළමා හා වැඩිහිටිදිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම දෙමව්පිය, වැඩිහිටි සැමගේ බැරැරුම් වගකීමක් බවද ඔහු කියයි. දරුවන්ට එරෙහි ලිංගික පීඩාවන් ඉතාම බරපතල සමාජ ව්‍යසනයක්ව පවතින බව මෑත භාගයේ සිදුවීම් අධ්‍යයනයෙන් පැහැදිලි වෙන බවත් ඔහු කියයි.