2016 ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයට අනුව දරුඵල ලැබීමේ වයසේ එනම් අවු:15-49 පසුවන කාන්තාවකට ලැබෙන දරුවන් ගණන 2.2 බව හෙළිව තිබේ. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වසරේදී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ අවසන් වාර්තාවේ මේ බව දැක්වෙයි.
එසේම ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන් විසින් පවුල් සැලසුම් ක්‍රම භාවිතය දැනට 65%ක් පමණ වන බවත් හෙළිවී ඇත.
අවසන් වාර්තාවේ ඇතුළත් තොරතුරු පිළිබඳ අදහස් දක්වමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පැවසුවේ, ගැබිනි මවුවරුන් සියලු දෙනාම පාහේ පූර්ව ප්‍රසව සායන වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඇති බවත්, ළමා මරණ, ළදරු මරණ හා වයස අවුරුදු 5ට අඩු ළමා මරණ යනාදිය අඛණ්ඩව අඩු වෙමින් පවතින බවත්ය.