එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයාමාස්ටර්ට පහරදීමට හේතුව සැකකකරුගේ නිවසේ රූපවාහිනී සම්බන්ධතාව විසන්ධිවීම නිසා සිදු වූවක් බවට සැකකරන බව පොලීසිය පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ පවතින සන්නිවේදන ගැටලු හේතුවෙන් යාපනයේ බහුතරය රැහන් සහිත (කේබල් රූපවාහිනි) රූපවාහිනි සම්බන්ධතා විසන්ධි වී ඇති බවද පොලීසිය පවසයි.
දයාමාස්ටර් මේ වනවිට අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් සේවය කරන රූපවාහිනී නාළිකාවේද මෙම තත්ත්වය උද්ගතව ඇති බව මේ පිළිබඳව උරණ වූ බීමතින් සිටි සැකකරු මෙම පහරදීම සිදු කර ඇතැයි යාපනය පොලීසිය සැක පළ කරයි.
එම දෙමළ රූපවාහිනි නාලකාවේ සමබන්ධතාවයද මුදල් නොගෙවීම නිසා විසන්ධිවීම හේතුවෙන් එයට උරණ වූ
අංක 212/ 02 ප්‍රධාන පාර යාපනයේ පදිංචි මේසස් සද්ගුණදාස් (52) නැමැත්තෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු විසින් සිදු කරන පහරදීම් වලින් දයා මාස්ටර්ට සුළු තුවාල සිදුව ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සැකකරු (09) දින යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.