පවතින අධික වර්ෂාවත් සමග නාය යෑමේ අවධානමක් හේතුවෙන් හපුතලේ දඹේතැනන වත්තේ, බණ්ඩාරඑළිය කොටසේ පවුල් 64ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත්කර ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා ප්‍රකාශ කරයි. ඉවත්කළ පවුල් 64 දඹේතැන්න අංක 2 දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇත.