එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු දඹුල්ල මහ නගර සභා රැස්වීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදින් දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා විසින් අද (07දා) සභාවෙන් එළියට දමා තිඛෙන බව වාර්තා වේ. ඔවුන් නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරතියි කියමින් එළියට යන්නැයි රැස්විමේදී නිවේදනය කර ඇති අතර එසේ කළේ තමාගේ බලතල අනුව බව පවසා තිඛේ. රැස්වීම වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන් සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න,නාගරික මන්ත්‍රී එච්.එම් රූපසිංහ,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් ද මාධ්‍යවේදින් සමඟ සභාවෙන් එලියට පැමින තිඛේ.
කාංචන ආරියදාස