දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ජනක බණ්ඩාර ඉවතට
දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉවත් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කොට ඒ බව ලිඛිතව දැනුම්දී තිබේ .
ඒ අනුව හිස්වූ දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරය අලුතින් පත් කෙරුණු දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යු .ආර් . දයානන්දසිරි මහතා පත්කළ බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි .
මීට අමතරව දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරයේ දඹුල්ල එ.ජා.ප. ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාද කටයුතු කරනු ලබයි .
මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා,
“දඹුල්ලේ සංවර්ධනය ගැන ජනතාවගේ හදවතේ ඇදී තිබෙනවා. සභාපතිකම්වලින් මාව ඉවත් කළාට දඹුල්ලේ ජනතාවගේ හදවත් තුළින් ඉවත්කිරීමට කිසිදු ජගතෙකුට නොහැකියි. දඹුල්ලේ සංවර්ධනය බෝඩ් ලෑල්ලට සීමා නොකර වැඩකළ මට කොපමණ කෙනෙහෙලිකම් කළත් ඉන් විනාශ වන්නේ කව්දැයි කියා ඉදිරියට ජනතාව තීන්දු කරාවි.” යනුවෙන් සඳහන් කර සිටියේය.”
නව සභාපතිවරයා වූ යු .ආර්. දයානන්දසිරි මහතා,
“මට ලැබුණු වගකීම නිසි ආකාරයෙන් ඉටු කරනවා. මම දේශපාලනයට පිවිසියේ මුදල් උපයන්නට නොවෙයි. අවංකවම ජනතාවට සේවය කරන්න.” යනුවෙන් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
