වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සල් මෙම මස 07වන දින වන විට ලියාපදිංචි කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
තම බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය තුළ මෙම ලියාපදිංචි කිරීම සිදුකරන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලියාපදිංචි වන සෑම දන්සැලකටම අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන බවත්, මීට අමතරව සියලුම දන්සැල් මහජන පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කරන බවත් හෙතෙම පවසා සිටියේය.