පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර ඇති උත්සව හා දන්සල් ආදිය සඳහා වියදම් කිරීමට නියමිත මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට ලබාදෙන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක මහානායක අති පූඡ්‍ය වරකාගොඩ ඤානරතන මහනාහිමියන් අද (27දා) විශේෂ ප්‍රකාශයකින් පැවැසූහ.
"අසරණ වී ඇති අපේ රටේ ඡනතාවට ඒ ඒ ලැබෙන දේ ඒ අයට සාධාරන අයුරින් බෙදෙන්නට උදවු උපකාර කිරීමේ ක්‍රමවත් විධිමත් පිළිවෙලක් තිබිය යුතුයි. අපේ බෞද්ධ මහා සංඝරත්නය වගේම අපේ බෞද්ධ පිංවතුන් පිංකටයුතු ආදියට විශේෂ ලැදියාවක් දක්වන පිරිසක්.
එම නිසා විශේෂයෙන් අපේ බෞද්ධ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේලාගේ දායකකාරාධින් දැනුවත් කර අසරණ ඡනතාවට ලැබෙන දේ සාධාරණව ලැබෙන ආකාරයේ නිසි වැඩ පිළිවෙලක් ඇති කිරිම සොයා බලා උපදෙස් ලබා දෙන ලෙසයි.”