දකුණු කොරියාවේ, සෝල් නුවර පැවති උදෑසන රැස්වීමකදී එරට ඇමෙරිකානු තානාපති මාර්ක් ලිපර්ට් වෙත පිහි ප්රහාරයක් එල්ල වී තිබේ.
එම රැස්වීම අතරතුර දකුණු කොරියා ජාතිකයෙකු විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති අතර, මෙම ප්රහාරයෙන් තානාපතිවරයාගේ වම් අතේ කැපුම් තුවාලයක් සිදුව තිබුණත්, තත්ත්වය බරපතල නොවන බව එරටින් වාර්තා වෙයි.
මෙම අවස්ථාවේ සෙසු ආරක්ෂක අංශ විසින් ප්රහාරය එල්ල කළ පුද්ගලයා වහාම බිම දමා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීමෙන් පසුව රැස්වීම් මේසය පුරා ලේ විසිරී තිබූ බවද කියැවෙයි.
මෙම ප්රහාරය යුද්ධයට පොළඹවන ඇමෙරිකාව වෙත ලැබුණු දඬුවමක් බව උතුරු කොරියාව කියයි.
ප්රහාරය එල්ල කළ පුද්ගලයා කිම් කී-ජොන්ග් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු උතුරු කොරියාව සමග සබඳතා පවත්වන්නේද යන්න සොයා බැලීමට දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දකුණු කොරියාව කියයි.
.jpg)
.jpg)