දකුණු කොරියාවේ ශ්‍රමිකයින්ට නිවාස ව්‍යාපෘතියකට සැලසුම්
දකුණු කොරියාවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ අවධානය යොමුවේ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සුසියෝන් හොවාන් (SuhSeung Hwan ) යන මහත්වරුන් අතර අද (03) දා දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ ව අවධානය යොමු කෙරිණ.
දකුණු කොරියාවේ දැනට රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයෝ සංඛ්‍යාව විසිඅට දහසකට ( 28,000 ) ආසන්න බවත්මෙම පිරිසගේ ප්‍රධානතම බලාපොරොත්තුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේම කියා නිවසක් තනාගැනීම බවත් ඒ සඳහා ඔවුන්ට යම් සහයෝගයක් දැක්වීම සඳහා දකුණු කොරියානු රජයේ අවධානය යොමුකරන ලෙසත් විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් යෝජනාවක් දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යවරයාට ඉදිරිපත් කරන ලදී.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

