දකුණු කොරියාවට අයත් විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දකුණු අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නෞකාවේ 24 දෙනෙකු ගමන් කර තිබෙන අතර, ඉන් දෙදෙනෙකුගේ දිවි බේරී තිබේ. නැවේ ගමන්ගත් 24 දෙනාගෙන් 16 දෙනෙකු පිලිපීන ජාතිකයන් වන අතර, අනෙක් අටදෙනා දකුණු කොරියානු ජාතිකයෝ වෙති. දිවි බේරාගෙන ඇත්තේ පිලිපීන ජාතිකයන් දෙදෙනෙකි.
මීටර් 312ක් දිගින් යුතු මෙම නෞකාවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු කෙටි පණිවුඩයක් මගින් පවසා ඇත්තේ නැව ගිලෙමින් පවතින බවයි.
උරුගුවේ නාවික හමුදා ප්‍රකාශයෙකු බී.බී.සී. පුවත් සේවයට පවසා ඇත්තේ, ප්‍රදේශය පුරා ඉන්ධන සුවඳ පැතිර ඇති බවයි.
අතුරුදන්වූවන් සොයා දකුණු කොරියාව මෙහෙයුම් අරම්භ කර ඇති අතර, ඔවුන් උරුගුවේ හා බ්‍රසීලයේ ආධාර ඉල්ලා තිබේ. නැව ටොන් 260000ක ධාරිතාවකින් යුක්ත විය. බ්‍රසීලයෙන් ගමන් ආරම්භ කර තිබූ මෙම නෞකාව දකුණු කොරියානු සාමාගමකට අයත් බව වාර්තා වේ.