ෙදකුණු ආසියාව තුළ අඩුම මාතෘ හා ළමා මරණ අගයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරය සෞඛ්‍ය, කොළඹදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
“දකුණු ආසියාව තුළ අඩුම මාතෘ මරණ සහ ළමා මරණ අගයක් පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාවයි. එය දියුණු රටවල් සමගද සැසඳිය හැකි මට්ටමක පවතිනවා” යනුවෙන්ද ඔහු කීය.