ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් සියල්ලටම පොදු සන්නිවේදනය සඳහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව ඊයේ (05දා) පස්වරුවේ ගුවන්ගත කරනු ලැබීය.
එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමතූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවට සුබ පැතුම් එක් කර තිබේ.
අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට ජනපතිවරයා මෝදි මහතා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අමතමින් ප්‍රකාශ කළේ සාර්ක් රටවල් අතර සහයෝගීතාවය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අභිවෘද්ධිය හා ප්‍රගමණය උදාකර ගැනීමට මෙම චන්ද්‍රිකාව ඓතිහාසික සන්ධිස්ථානයක් වනුඇති බවයි.
සාර්ක් කලාපීය රටවල් අතර සම්බන්ධතාවය ශක්තීමත් කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.
''දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව'' ලෙස හදුන්වා ඇති මෙම චන්ද්‍රිකාව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රොකට් අංගනයෙන් ඊයේ පස්වරු 4.57 ට පමණ ගුවන්ගත කෙරුණු අතර ඉන්දීය රුපියල් කෝටි 450 ක වියදමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ''සංවර්ධනය සියල්ලන්ටම'' යන සංකල්පය යටතේය.
