අධික වර්ෂාවත් සමග කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් දකුණු අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ කොළඹ - බියගම මාර්ගයට පිටවීම හා පිවිසුම් ජලයෙන් යටව තිබේ. මේ හේතුවෙන් කඩුවෙල පිවිසුම හරහා කඩවතට ඇතුළුවීමටත්, කඩවත දෙස සිට කඩුවෙලින් පිට වීමත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි පොලීසිය පවසයි.
.png)